Prawn Fried Rice
. මම හැදුවෙ බාස්මති වලින් නෙමෙයි සම්බා වලින්. ඔයාලත් හදලා රස කියන්න. මම පිලිගැන්නුවෙ බැදපු බිත්තරයක් සමගයි.
. මම හැදුවෙ බාස්මති වලින් නෙමෙයි සම්බා වලින්. ඔයාලත් හදලා රස කියන්න. මම පිලිගැන්නුවෙ බැදපු බිත්තරයක් සමගයි.
අවශ්‍ය ද්‍රව්‍ය
පිසින ලද බාස්මති - කෝ: 2
තෙල් - මේ.හැ. 2
සුදු ළූනු - බික් 5
ඉගුරු - කැපූ මේ.හැ. 1
කළු ගම්මිරිස් -තේ. හැ,1
කුඩාවට කැපූ අමු මිරිස් කරල් - 1
සාමන්‍ය ප්‍රමානයේ ලොකු ළූනු ගෙඩි - 1
කුඩාවට කැපූ බෙල් පෙපර් හෝ මාලු මිරිස් කරල් - 1/2
රම්පෙ,කරපිංචා
සෝයා සෝස් තේ.හැ. 1 හෝ රස පමනට
විනාකිරි හෝ ලෙමන් යුෂ - තේ. හැ, 1
ලුනු
සීනි - තේ.හැ. 1
ළූනු කොළ මිටක් පමණ

ඉස්සන් දැවටීම සඳහා
ඉස්සන් 100ග්‍රැ
ලුනු
මිරිස් කුඩු - තේ.හැ. 1
විනාකිරි හෝ ලෙමන් යුෂ - තේ.හැ.1
සෝයා සෝස්- තේ.හැ.1
ලුනු
මිරිස් කුඩු - තේ.හැ. 1
විනාකිරි හෝ ලෙමන් යුෂ - තේ.හැ.1
සෝයා සෝස්- තේ.හැ.1
සාදන ක්‍රමය:
බාස්මති වලින් බත පිස ගන්න.
ඉස්සන් දැවටීමට ගත් ද්‍රව්‍ය වලින් මිශ්‍ර කර පසෙකින් තබන්න.
බදුනක තෙල් රත් කර ඉස්සන් විනාඩි 3-4 ක් බැද පසෙකින් තබන්න.
එම තෙල් වලටම ළූනු, සුදු ළූනු,ඉගුරු, අමු මිරිස් මාලු මිරිස් දමා විනාඩි 1 පමණ බදින්න.
ඉන්පසු එයට සෝයා සෝස්, විනාකිරි හෝ ලෙමන් යුෂ,ලුනු,සීනි,ගම්මිරිස් දමා හොඳින් කලවම් කරන්න.
බැද පසෙකින් තැබූ ඉස්සන් එයට දමා හොඳින් කලවම් කරන්න.
ඊට පසු පිස ගත් බත් දමා කලවම් කරන්න,
කුඩාවට කපාගත් ළූනු කොල දමා ලිපෙන් ගෙන පිලිගන්වන්න.