Friday, August 14, 2015


                                                                      ඉස්සො ඩෙවල්


 

 අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් ග්‍රැම් 500
ළූනු ග්‍රැම් 30
අමු මිරිස් කරල් 5
මාලු මිරිස් ග්‍රම් 40
ලීක්ස් ග්‍රැම් 40
පොඩි රතු ළූනු ගෙඩි පිටින් ග්‍රැම් 50
සුදු ළූනු තේ. හැදි 1
ඉගුරු මේ.හැ. 1/2
තෙල් මේ.හැ.. 2
කහ මේ. හැ.1/4
කෑලි මිරිස් තේ . හැ. 2
තක්කාලි සෝස් මේ. හැ. 4
කරපින්චා, කුරුදු පොතු, ලුනු

සාදන ක්‍රමය:

ඉස්සන් කහ,ලුනු, දෙහි ස්වල්පයක් අතගා පසෙකින් තියන්න.
බදුනක තෙල් රත් වු පසු පොඩියට කපාගත් ළූනු ,අමු ඉගුරු, සුදු ළූනු සහ කරපින්ච දමා රන්වන් පැහයට බැදෙන්න හරින්න.
ඉන්පසු කෑලි මිරිස්, රතු ළූනු ගෙඩි එක්කර විනාඩියක් පමන තබන්න.
පසුව ඉස්සන්, මාලු මිරිස්, අමු මිරිස් එක්කර මඩක් තැම්බෙන විට ලීක්ස් සහ තක්කාලි සෝස් එක්කරන්න.
හොදින් කලවම් කර දෙහි සහ තක්කාලි එක්කර, තක්කාලි තැම්බෙන්න පෙර ලිපෙන් ගන්න.
දැල්ලන්ද මේ ක්‍රමයට සාද ගත හැකි බව පොතේ සදහන් ව තියෙනව.

No comments:

Post a Comment